04 July 2025

logo

ඇමරිකාවේ රාජ්‍ය සේවකයන් විශාල පිරිසකට සේවය අහිමි වෙයි



ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ උපදේශක ලෙස කටයුතු කරන ටෙස්ලා සමාගමේ විධායක නිලධාරී එලොන් මස්ක් විසින් බලයට පත් වී කෙටි කාලයක් තුළ එරට රාජ්‍ය සේවකයන් දස දහසකට ආසන්න සංඛ්‍යාවක් සේවයෙන් ඉවත් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමෙරිකාවේ නිලධාරීවාදය පාලනය කිරීමේ කොටසක් ලෙස මෙලෙස රාජ්‍ය සේවකයන් සේවයෙන් ඉවත් කර ඇති බවයි.

එහිදී එරට අභ්‍යන්තර, බලශක්ති, කෘෂිකර්ම සහ සෞඛ්‍ය මෙන්ම මානව සේවා යන දෙපාර්තමේන්තුවලට අයත් සේවකයන් මෙලෙස සේවයෙන් ඉවත් කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

(colombotimes.lk)