15 January 2026

logo

පාකිස්ථානයේ බෝම්බ පිපිරීමකින් දිවි අහිමි වූ පිරිස ඉහළට



නිරිතදිග පාකිස්ථානයේ බලුකිස්ථානයේහීදී බෝම්බ පිපිරීමක් සිදු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම බෝම්බ පිපිරීමෙන් පුද්ගලයන් 11දෙනෙක් මිය ගොස් ඇති බවයි.
 
පතල්කරුවන් පිරිසක් රැගෙන යමින් සිටි රථයක් ඉලක්ක කරමින් මෙම බෝම්බ ප්‍රහාරය එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙක් බාරගෙන නොමැති බවයි.

(colombotimes.lk)