13 February 2025


ඉදිරි මැතිවරණයේදී කාන්තා නියෝජනය 25%කින් වැඩි කිරීමට සැලසුමක්



පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ඉදිරි ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳ සාකච්ඡා කිරීමේ රැස්වීමක් පසුගියදා පාර්ලිමේන්තුවේදී පවත්වා තිබෙනවා.

ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිගේ සහ සංසදයේ සභාපතිනිය වන කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්ගේ ප්‍රධානත්වයෙන්.

එහිදී ඉදිරි මැතිවරණවලදී පළාත් මට්ටමින් 25%ක කාන්තා නියෝජනයක් ලැබෙන ආකාරයෙන් කාන්තා නියෝජනය වැඩි කිරීමේ හැකියාව පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.

ඒ අනුව ඉදිරි මැතිවරණයේදී එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට පවතින නීති සඳහා අවශ්‍ය සංශෝධන ගෙන ඒමේ අවශ්‍යතාවය පිළිබඳව අවධානය යොමු වූ බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)