15 February 2025


මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට



මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (14) ගිරිබාව පොලිස් වසමේ දම්සෝපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ගිරිබාව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමක් අතරතුරදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 54ක් වන දම්සෝපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

(colombotimes.lk)