04 July 2025

logo

රුසියානු යුක්රේන සාම සාකච්ඡා ගැන ට්‍රම්ප් කතා කරයි



වසර 03ක කාලයක් පැවති රුසියානු යුක්රේන යුද්ධය අවසන් කිරීමේ සාකච්ඡා ආරම්භ කිරීමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් එකඟතාව පළ කළ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ රුසියානු ජනාධිපතිවරයා සමඟ දුරකථනය ඔස්සේ පැවති දීර්ඝ කතාබහකින් අනතුරුවයි.

ට්‍රම්ප් ඉන් අනතුරුව යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි සමඟද සාකච්ඡා කර තිබෙනවා.

මේ සම්බන්ධව අදහස් පළ කරමින් සෙලෙන්ස්කි කියා සිටියේ දීර්ඝ කාලීන විශ්වසනීය සාමයක් ඇති කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගන්නා උත්සාහය අගය කරන බවයි.

(colombotimes.lk)