පාර්ලිමේන්තුවේ හෙට (14) විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
එහිදී පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම්වලට අදාළ තීරණය කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දීම සඳහා මෙම විශේෂ රැස්වීම පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට අදාළ දෙවනවර කියවීමේ විවාදය ලබන 17වනදා පස්වරු 2.00 සිට පස්වරු 7.00 දක්වා පැවැත්වීමටත් තීරණය කර තිබෙනවා.
(colombotimes.lk)