හෝටලයක බලපත්‍රය අලුත් කිරීම සඳහා අල්ලසක් ලබාගැනීමේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුව ගත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ඒ එළඹෙන 17වනදා දක්වායි.
ගලේවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනියුක්තව රාජකාරී කටයුතු සිදු කළ අදාළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා රුපියල් ලක්ෂ 2ක අල්ලසක් ලබා ගැනීමට යාමේදී ඊයේ (14) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුව ඔහු දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)