18 September 2025

logo

මෙරට වකුගඩු රෝගීන් ගැන භයානක අනාවරණයක්



දිගුකාලීන වකුගඩු රෝගී තත්ත්වයන් හේතුවෙන් දෛනිකව මෙරට පුද්ගලයන් 05දෙනෙක් පමණ මියයාමේ අවදානමක් පවතින බව ජාතික වකුගඩු රෝග නිවාරණ හා පර්යේෂණ ඒකකය පවසනවා. 

එහි අධ්‍යක්ෂිකා වෛද්‍ය චින්තා ගුණරත්න සඳහන් කළේ 2023 වසරේදී මෙරටින් දිගුකාලීන වකුගඩු රෝගී තත්ත්වයන් හේතුවෙන් පුද්ගලයන් 1,600කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බවයි. 

වකුගඩු රෝග සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඇය මෙම අදහස් පළ කළා.
 
ඇය වැඩිදුරටත් කියා සිටියේ වකුගඩු රෝග ලක්ෂණ මතුවීම ප්‍රමාද වන බැවින් බෝ නොවන රෝග සහිත පුද්ගලයන් වකුගඩු පරීක්ෂාවන් සිදු කිරීම අත්‍යාවශ්‍ය බවයි. 

(colombotimes.lk)