18 September 2025

logo

ඛනිජ ප්‍රවාහනයේ කොන්දේසි සංශෝධනයට පියවර



පාසල් පැවැත්වෙන දිනයන්හීදී පෙ.ව. 06.30 සිට පෙ.ව. 07.45 දක්වා සහ පෙ.ව. 11.30 සිට ප.ව. 02.30 දක්වා කාලය තුළ ඛනිජ ප්‍රවාහන කටයුතු සිදු කිරීම අත්හිටුවීම සම්බන්ධයෙන් පනවන ලද නව කොන්දේසිය සංශෝධනය කර තිබෙනවා. 

නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ පනවන ලද නව කොන්දේසිය අනුව ඉදිකිරීම් කර්මාන්තයට අදාළව දහවල් කාලයේදී ඛනිජ ප්‍රවාහනයට ඇතිවන දැඩි බලපෑම මත ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සිටින කර්මාන්තකරුවන් සිදු කරන බලවත් ඉල්ලීම සැළකිල්ලට ගෙන ඔවුන්ට ඇතිවන අපහසුතාවයන් සළකා බලා මෙම සංශෝධනය කිරීමට තීරණය කළ බවයි. 

ඒ අනුව ඉහත කාලසීමාවන් තුළදී පාසල් අසළ සහ සිසුන් පාර මාරුවන ස්ථාන අසළ ඛනිජ ප්‍රවාහන කටයුතු සිදු කිරීම, වාහන වල වේගය සීමාවීමකින් යුතුව පොලිස් නිලධාරීන්ගේ දැඩි අධීක්ෂණය යටතේ සිදු කළ යුතු වනවා.



(colombotimes.lk)