24 February 2025


ස්නායු ශල්‍ය වෛද්‍යවරුන් ගැන තීරණයක්



ස්නායු ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි පුහුණුව සදහා තරුණ වෛද්‍යවරුන් වැඩි වශයෙන් දිරි ගැන්වීමේ අවශ්‍යතාවය පිළිඳව මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ පූර්ණ අවධානය යොමුවී ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.

ඒ කොළඹ නවලෝක රෝහල් නව ශ්‍රවණාගාරයේදී පැවති ශ්‍රී ලංකා ස්නායු ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ 04වන වාර්ෂික අධ්‍යයන සැසිවාරයට එක්වෙමින්.

එහිදී ඔහු කියා සිටියේ එය යථාර්ථයක් බවට පත් කිරීමට අවශ්‍ය සහයෝගය සහ සම්පත්දායකත්වය නිරතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබාදෙන බවයි.

මෙම වාර්ෂික අධ්‍යයන සැසිවාරයට බ්‍රිතාන්‍ය ස්නායු ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය සහ ඉන්දියාවේ ස්නායු විද්‍යා සංගමය සහයෝගීතාවය ලබාදී තිබෙනවා.

(colombotimes.lk)