24 February 2025


මානව හිමිකම් කවුන්සිලයේ 58වන සැසිවාරය අද ඇරඹෙයි



එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 58වන සැසිවාරය අද (24) ආරම්භවීමට නියමිතව තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක බලයට පත්වීමෙන් අනතුරුව පැවැත්වෙන පළමු මානව හිමිකම් කවුන්සිල සැසිවාරය මෙයයි.

මානව හිමිකම් කවුන්සිලයේ මෙම සැසිවාරය සඳහා සහභාගීවීමට විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සමඟ මෙරට දූත පිරිසක් ජිනීවා බලා පිටත්ව ගොස් තිබෙනවා.  

(colombotimes.lk)