පදික මාරුව මතින් ගමන් කළ පුද්ගලයෙක් කොළඹ දෙස සිට බදුල්ල දෙසට ධාවනය වූ බස් රථයක ගැටී එම රථයටම යටවීමෙන් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
ඒ ඇහැලියගොඩ පොලිස් වසමේ ඇහැලියගොඩ නගරයේදීයි.
අනතුරට ලක්වූ පුද්ගලයා එම ස්ථානයේදීම මියගිය බව පොලීසිය සඳහන් කළා.
ඔහු වයස අවුරුදු 68ක් වූ හුලංගස්දළුව, ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
අනතුර සිදු කළ බස් රථය නොනවත්වා පළාගොස් ඇති අතර සැකකාර බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගැනීම සඳහා ඇහැලියගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන බව ප්‍රකාශ කළා.
(colombotimes.lk)