24 February 2025


මාවුස්සාකැලේ ජලාශයෙන් නාඳුනන මළ සිරුරක් හමුවෙයි



ගාඩ්මෝර් දිය ඇල්ල පාමුල මාවුස්සාකැලේ ජලාශයේ තිබී හඳුනානොගත් පිරිමි මළ සිරුරක් අද (24) පෙරවරුවේ සොයාගෙන තිබෙනවා.

ඒ මස්කෙළිය පොලීසිය විසින් බවයි වාර්තා වන්නේ.
 
මාවුස්සාකැලේ ජලාශයේ මිරිදිය කර්මාන්තයේ යෙදෙන පිරිසක් විසින් මෙම මළ සිරුර මුලින්ම දැක පොලීසියට දන්වා තිබෙනවා.

එලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 40ක් වන පුද්ගලයෙක්.

මළසිරුර සම්බන්ධයෙන් මහේස්‍ත්‍රාත් පරීක්ෂණ පැවැත්වීමට නියමිත බව මස්කෙළිය පොලීසිය ප්‍රකාශ කළා.

(colombotimes.lk)