24 February 2025


අයවැය විවාදය ඇරඹෙයි



කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් 2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත, දෙවනවර කියවීමේ විවාදය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

පසුගිය ජනවාරි මස 9වනදා පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දෙවනිවර කියවීමේ විවාදය පෙබරවාරි 18 සිට 25දක්වා පැවැත්වීමට නියමිතයි.

අනතුරුව අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම හෙට (25) පවත්වන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළා.

2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා විවාදය ලබන 27වනදා සිට මාර්තු 21වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

ඉන් අනතුරුව විසර්ජන පනත් කෙටුම්පත තෙවනවර කියවීමේ ඡන්ද විමසීම මාර්තු 21වනදා පවත්වන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළා.

(colombotimes.lk)