03 July 2025

logo

මියන්මාරයේ සිටි චීන අපරාධ සැකකරුවන් 200ක් යළි චීනයට



චීන ජාතිකත්වය සහිත අපරාධ සැකකරුවන් 200කින් යුත් පළමු කණ්ඩායම මියන්මාරයේ සිට චීනයට රැගෙන විත් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ චීන පොලීසිය විසින් ඊයේ (20) මියන්මාරයේ Myawaddy කලාපයේ සිට විශේෂ චීන සිවිල් ගුවන් යානා 4කින් එම පිරිස මියන්මාරයේ සිට යළි චීනයට රැගෙන ආ බවයි.

ඉදිරි දින කිහිපය තුළ චීන ජාතිකත්වය සහිත තවත් අපරාධකරුවන් 800කට වැඩි පිරිසක් චීනයට රැගෙන ඒමට නියමිත බවයි වාර්තා වන්නේ.
 
(colombotimes.lk)