24 February 2025


මෝටර් රථයක් සහ යතුරුපැදියක් ගිනි ගනියි



මෝටර් රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදු වී තිබෙනවා.

ඒ වවුනියාව, පූන්තෝට්ටම් ප්‍රදේශයේදීයි.  

පොලීසිය සඳහන් කළේ අනතුරින් පසුව යතුරුපැදිය සහ මෝටර් රථය සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ වී ඇති බවයි.

අනතුරින් යතුරුපැදිකරුට සුළු තුවාල සිදු වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)