හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු 12කට චෝදනා එල්ලවී ඇති හියුමන්ඉමියුනොග්ලොබියුලින් නැමති ප්‍රතිදේහ ඖෂධ තොගය තුළ මිනිස් ශරීරයට අහිතකර මාරාන්තික බැක්ටීරියා තිබූ බව ඊයේ (19) අධිකරණයේදී අනාවරණය වී තිබෙනවා.
ඒ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙම ඖෂධයට අදාළව සිදු කළ ජාත්‍යන්තර පරීක්ෂණයේ ප්‍රතිඵල අධිකරණයට දැනුම් දුන් අවස්ථාවේදීයි.
බාල ඖෂධ ලෙස හඳුනාගත් හියුමන්ඉමියුනොග්ලෝබියුලීන් සහ රිටොප්සිමැප් ඖෂධ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි ජර්මානු රසායනාගාරයකට යවා පරීක්ෂා කර තිබෙනවා.
ඇය මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දුන්නේ එම පරීක්ෂණ වාර්තාවට අනුව හියුමන්ඉමියුනොග්ලෝබියුලීන් ඖෂධය තුළ මනුෂ්‍ය ශරීරයට අහිතකර මාරාන්තික බැක්ටීරියා වතුරත්, පිළිකා නාශක ඖෂධයක් වන රිටොප්සිමැප් ඖෂධයේ ලුණු වතුරත් පමණක් අඩංගු බවට තහවුරුවී ඇති බවයි.
(colombotimes.lk)