04 July 2025

logo

ඡන්දය ගැන ජනපති සහ TNA අතර සාකච්ඡාවක්



ජනාධිපති සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද (08) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. 

බලය බෙදා හැරීම, පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීම ඇතුලු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කිරීමට නියමිත බව සඳහන්. 
 
තවද උතුරේ ජනතාව පදිංචි කිරීම, හමුදාව සතු ඉඩම් නිදහස් කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමුවනු ඇති බව වාර්තා වනවා. 
 
මේ සඳහා දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සියලු දෙනාටම සහභාගී වන ලෙස දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)