05 January 2026

logo

බේකරි නිෂ්පාදන මිල අඩු කිරීම ගැන සාකච්ඡාවක් මේ සතියේ



පාන්, බනිස් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට වෙළෙඳ අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

එහි ලේකම් එම්. එම් නයිමුදීන් සඳහන් කළේ එම සංගම් සමඟ මේ සතියේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවයි.

මේ වන විට වෙළෙඳපොළ තුළ බේකරි නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍යවල මිල අඩු වීමත් සමඟ බේකරි නිෂ්පාදන අඩු මිලට ලබා දිය හැකි බව ඔහු ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ එම සහනය ජනතාව වෙත ලබාදීම සඳහා කටයුතු කිරීමට සූදානම් බවයි.

(colombotimes.lk)