වෙනිසියුලානු ජනපති නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස් අද (05) පළමුවරට එක්සත් ජනපද ෆෙඩරල් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකානු එක්සත් ජනපද හමුදා විසින් පසුගිය 03වනදා කරකාස් අගනුවර සිදු කළ විශේෂ හමුදා මෙහෙයුමකින් ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි.
මත්ද්‍රව්‍ය, ත්‍රස්තවාදී කුමන්ත්‍රණ සිදු කිරීම, ආයුධ සහ විනාශකාරී උපකරණ ළඟ තබා ගැනීම සහ එම ආයුධ මඟින් ඇමරිකාවට එරෙහිව කුමන්ත්‍රණ සිදු කිරීම යන චෝදනා මත මධුරෝ සහ ඔහුගේ බිරිඳට අධිචෝදනා ගොනු කර තිබෙනවා.
ඒ අනුව අදාළ නඩුව මැන්හැටන්හී පිහිටි ෆෙඩරල් අධිකරණයේදී අද (05) ආරම්භ වීමට නියමිතයි.
(colombotimes.lk)
