වෙනිසියුලාවේ අමෙරිකානු මෙහෙයුම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හෙට (05) හදිසි රැස්වීමක් කැඳවා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ අමෙරිකානු ග්‍රහණයට ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් මෙම කැඳවීම සිදුකර ඇති බවයි.
ඒ අනුව එම හමුව එරට වේලාවෙන් හෙට (05) පෙරවරු 10ට පැවැත්වීමට නියමිත අතර මේ සඳහා එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ රටවල් 15ක තානාපතිවරුන් සම්බන්ධ වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
