06 January 2026

logo

ඉන්දියාවේ භූ කම්පනයක්



ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයට සහ ඊසානදිග ප්‍රදේශ කිහිපයක අද (05) අලුයම ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම භූ කම්පනය රික්ටර් මාපකයේ 5.1ක ප්‍රබලත්වයකින් හටගත් බවයි. 

මෙම භූ කම්පනය අද අලුයම 4.17ට පමණ සිදු වී ඇති අතර එහි කේන්ද්‍රය (Epicentre) ඇසෑම්හි මොරීගාඕන් (Morigaon) දිස්ත්‍රික්කය අසල වාර්තා වී තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මධ්‍යම ඇසෑම් හී මොරීගාඕන් සහ අවට දිස්ත්‍රික්කවලට මෙහි කම්පනය දැඩි ලෙස දැනී තිබෙන බවයි.
 
කෙසේ වෙතත් මේ වන තෙක් කිසිදු ජීවිත හානියක් හෝ දේපළ හානියක් වාර්තා වී නොමැති බව එරට බලධාරීන් සඳහන් කළා. 

(colombotimes.lk)