කියුබානු පුරවැසියන් 32ක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
ඒ වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මධුරෝ අල්ලා ගැනීමේ ඇමරිකානු හමුදා මෙහෙයුමේදීයි.
මෙම සිදුවීමට ශෝකය පළ කරමින් කියුබාව තුළ අද (05) සහ හෙට (06) දිනයේදී ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
කියුබාව ඇමරිකාවේ මෙම මෙහෙයුම දැඩිව විවේචනය කර තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙම ක්‍රියාව ආක්‍රමණශීලි සහ රාජ්‍ය ත්‍රස්තවාදයේ අපරාධකාරී ක්‍රියාවක් ලෙස තමන් දකින බව කියුබානු රජය චෝදනා කර තිබෙනවා.
(colombotimes.lk)
