21 February 2025


දියේ ගිලී පුද්ගලයෙක් ජීවිතක්ෂයට



වරකාපොළ පොලිස් වසමේ කල්ලියද්ද ප්‍රදේශයෙන් ගලා බසින කුඩා ඔයේ දිය නෑමට ගිය පුද්ගලයෙක් ඊයේ සවස (18) දියේ ගිලී මියගොස් තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ එසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 47ක් වන උඩගහවත්ත, පහලවැලිගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන බවයි.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කෑගල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙන අතර වරකාපොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන බව ප්‍රකාශ කළා.

(colombotimes.lk)