පාහියංගල ගල්ලෙනෙහි සිදුකළ පර්යේෂණ කැණීමෙන් සොයාගත් අස්ථි කොටස්වලින් එකලස් කරන ලද සැකිල්ල නිසි පරිදි සංරක්ෂණය කඩිනම් කිරීමේ ක්‍රියාමාර්ග ගැනීම සඳහා සාකච්ඡාවක් අද (20) පාවත්වා තිබෙනවා.
ඒ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවිගේ ප්‍රධානත්වයෙන්.
එම අස්ථි සැකිල්ල මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ කායව්‍යච්ඡේද අධ්‍යයනාංශයේ තබා තිබෙනවා.
එහි වැඩිදුර විධිමත් ආරක්ෂණ ක්‍රියාමාර්ග සැලසීමෙන් අනතුරුව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව වෙත භාරදීමටත් පසුව ඉදිරි කාලයේදී අස්ථි සැකිල්ල මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීමටටත් එම සාකච්ඡාවේදී යෝජනා වූ බවයි වාර්තා වන්නේ.