එකතු කළ අගය මත බදු පනත සහ දේශීය ආදායම් පනත් සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.
අදාළ කැබිනට් තීරණයේ සඳහන් වන්නේ 2024 දෙසැම්බර් සහ 2025 පෙබරවාරි මාසවල පැවති කැබිනට් මණ්ඩල රැස්වීම්වල තීරණ මත පදනම්ව 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත සහ 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පත් කිරීමට නීති කෙටුම්පත්කරුට උපදෙස් ලබා දී ඇති බවයි.
ඒ අනුව අදාළ සංශෝධන ඇතුළත් කරමින් නීති කෙටුම්පත් සම්පාදක විසින් එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සහ දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත සකස් කර තිබෙනවා.
එම පනත් කෙටුම්පත් සඳහා නීතිපතිගේ අවසරය ලැබුණු බවයි සඳහන් වන්නේ.
පනත් කෙටුම්පත් රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.
(colombotimes.lk)