17 December 2025

logo

පද්මේට අයත් ගිනිඅවියක් ඇතුළු භාණ්ඩ තොගයක් හමුවෙයි



කෙහෙල්බද්දර පද්මේට අයත් ගිනිඅවියක් ඇතුළු දේපළ, දැනට විදෙස් ගතව සිටින තවත් සංවිධානාත්මක අපරාධකරුවෙක් භාරයේ මෙරට සඟවා ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මේ වන විට රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින ඔහුගෙන් සිදු කළ වැඩිදුර විමර්ශනවලදී මේ බව අනාවරණය වී තිබෙන බවයි වාර්තා වන්නේ. 

ඒ අනුව එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විශේෂ කාර්ය බලකා කැලණිය කඳවුරේ නිලධාරීන්ගේ ද සහය ඇතිව එඩේරමුල්ල සිට කොළඹ නුවර මාර්ගය දක්වා ඇති අතුරු මාර්ගයේ පිහිටි තාවකාලිකව ඉදිකළ කාමරයක් පරීක්ෂා කර එහි සඟවා තිබූ විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝල අවියක්, ටී 56 අවි සඳහා යොදන පතොරොම් ගැබ් 02ක්, ටී 56 වර්ගයේ ජීව පතොරොම් 267ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

(colombotimes.lk)