දෙමටගොඩ පොලීසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙක් දෙමටගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කොළඹ නගරයේ සුරාබදු ඒකකයේ නිලධාරීන් විසින්.
අදාළ පොලිස් කොස්තාපල්වරයා නිල ඇඳුමින් සිටියදීම අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 200ක් සමඟ මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
සුරාබදු ඒකකයේ නිලධාරීන් සඳහන් කළේ අදාළ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 25ක් වන බවයි.
(colombotimes.lk)
