24 May 2026

logo

වසර මිලියන 200ක් පැරණි ඩයිනෝසර් පා සටහන් හමුවෙයි



ඉතාලියේ ස්ටෙල්වියෝ ජාතික වනෝද්‍යානයෙන් ඩයිනෝසර් පා සටහන් හමුවී තිබෙනවා.
 
විදෙස් මාධ්‍ය වාර්තා කළේ වසර මිලියන 210කට වඩා පැරණි එම පා සටහන්, කුඩා හිසක්, දිගු බෙල්ලක් සහ තියුණු නියපොතු සහිත ශාක භක්ෂක ඩයිනෝසර් වර්ගයකට අයත් බවයි.

ඔවුන් ප්‍රො-සෝර-පොඩ්ස් ලෙසින් හඳුන්වනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇතැම් පා සටහන්වල විෂ්කම්භය සෙන්ටිමීටර 40ක් පමණ වන අතර, ඒවායේ ඇඟිලි සහ නියපොතු සලකුණුද පැහැදිලිව දිස්වන බවයි. 

(colombotimes.lk)