07 January 2026

logo

රජයේ රෝහලක පළමුවරට ආහාර දෙපාර්තමේන්තුවක්



රජයේ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ට ගුණාත්මක, පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාදීම අරමුණු කරගත් විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. 

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මෙම වැඩසටහනේ නියමු ව්‍යාපෘතිය හෙට (06) මහරගම අපේක්ෂා රෝහලෙන් ආරම්භ කරන බවයි. 

රෝගීන්ට ලබාදෙන සාම්ප්‍රදායික තනි පිඟානක ආහාර වේල වෙනුවට බත්, එළවළු, මැල්ලුම්, මස්, මාළු, බිත්තර ඇතුළු ආහාර අංග වෙන් වෙන්ව තැන්පත් කළ විශේෂ පිඟානකින් ආහාර පිරිනැමීම මෙම ව්‍යාපෘතියේ විශේෂත්වය වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා. 

(colombotimes.lk)