08 January 2026

logo

SL Vs PAK | පළමු T20 තරගය අදයි - ආරම්භක පිතිකරුවන් ගැන දසුන්ගෙන් ඉඟියක්



පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ පළමු T20 තරගය අද (07) පස්වරු 7.00ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඒ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.

පාකිස්ථාන කණ්ඩායමත් ශ්‍රී ලංකා කණ්ඩායමත් 2026 වසරේදී ක්‍රීඩා කරන පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගය මෙය ලෙසයි වාර්තා වන්නේ.

තරග 3ක් ඇතුළත් මෙම තරගාවලියේ දෙවන තරගය 09වනදා සහ අවසන් තරගය 11වනදා පැවැත්වීමට නියමිතයි.

මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානක සහ පාකිස්ථාන කණ්ඩායමේ නායකයා ලෙස සල්මන් අලි අගා කටයුතු කරනු ලබනවා.

තරගාවලිය ආරම්භයට පෙර දෙරටේ නායකයන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (06) පැවැති නිල මාධ්‍ය හමුවේදී දසුන් ශානක සඳහන් කළේ පැතුම් නිස්සංක සහ කමිල් මිශාර ආරම්භක පිතිකරුවන් ලෙස ක්‍රීඩා කරවීමට බලාපොරොත්තු වන බවයි.

එමෙන්ම කුසල් මෙන්ඩිස් තමන්ගේ ආරම්භක පිතිකරු ස්ථානය කාමිල්ට ලබාදී අංක 03 පිතිකරු ලෙස වගකීම භාරගෙන ඇති බවද ශ්‍රී ලංකා නායක දසුන් ශානක වැඩිදුරත් සඳහන් කළා.



(COLOMBOTIMES.LK)