ජපානයේ ෂිමානේ ප්‍රාන්තයේ රික්ටර් මාපක 6.2ක ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එය එරට වේලාවෙන් අඟහරුවාදා පෙරවරු 10.18ට සිදු වී තිබෙන බවයි.
එමෙන්ම මිනිත්තු 10කට පසුව යසුගි ප්‍රදේශයේ භූ කම්පන තීව්‍රතා පරිමාණයෙන් 5ට වඩා අඩු තවත් භූ කම්පනයක් සිදු වී තිබෙනවා.
එහි විශාලත්වය රික්ටර් මාපක 5.1ක් වන බවයි වාර්තා වන්නේ.
මෙම භූමිකම්පා සම්බන්ධයෙන් ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය කිසිදු සුනාමි අනතුරු ඇඟවීමක් සිදුකර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
කෙසේවෙතත් පසු කම්පන කිහිපයක් සිදු වී තිබෙන බවයි සඳහන් වන්නේ.
(colombotimes.lk)
