08 January 2026

logo

ඉන්දීය හමුදාපති අද දිවයිනට



ඉන්දීය හමුදාපති ජෙනරාල් උපේන්ද්‍ර ද්විවේදි අද (07) දිවයිනට පැමිණීමට නියමිත බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. 

ඔහු දෙදින සංචාරයක් සඳහා මෙරටට පැමිණෙන බවයි වාර්තා වන්නේ.

එහිදී ඔහු ශ්‍රී ලංකා යුද හමුදාපති, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, ආරක්ෂක ලේකම් ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා සහ සිවිල් නායකයන් රැසක් හමුවීමට නියමිතව තිබෙනවා. 

එමෙන්ම එහිදී පුහුණු සහයෝගීතාව, කලාපීය ආරක්ෂාව ඇතුළු අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා පැවැත්වීමට ද නියමිතයි. 

(colombotimes.lk)