07 January 2026

logo

වෙනිසියුලාවේ අන්තර්වාර ජනාධිපතිවරිය දිවුරුම් දෙයි



වෙනිසියුලාවේ අන්තර්වාර ජනාධිපතිනිය ලෙස එරට උප ජනාධිපතිනි Delcy Rodriguez අද (06) අලුයම දිවුරුම් දී තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ වෙනිසියුලාවේ ජාතික සභාවේ සභාපතිවරයා සහ ඇයගේ සහෝදරයා වන ජෝර්ජ් රොඩ්‍රිගස් ඉදිරියේ දිවුරුම් දුන් බවයි. 

Delcy Rodriguez මදුරෝගේ සමීපතමයෙක් වන අතර ඇය 2018 වසරේ සිට වෙනිසියුලාවේ උප ජනාධිපති ධූරයේ කටයුතු කර තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇය වත්මන් ඛනිජ තෙල් අමාත්‍යවරිය ලෙස ද කටයුතු කරන අතර මීට පෙර මුදල් සහ විදේශ කටයුතු පිලිබඳ අමාත්‍ය ධූරවල ද සේවය කර තිබෙන බවයි. 

(colombotimes.lk)