08 January 2026

logo

පිලිපීනයේ ප්‍රබල භූ කම්පනයක්



පිලිපීනයේ ප්‍රබල භූ කම්පනයක් සිදු වී තිබෙනවා. 

ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේ පිලිපීනයේ බකූලින් නගරයෙන් කිලෝමීටර් 68ක් නැගෙනහිර දිශාවට පිහිටි මුහුදු ප්‍රදේශයේ 6.7 ප්‍රබලත්වයකින් යුතුව මෙම භූ කම්පනය හටගෙන තිබෙන බවයි. 

එමෙන්ම මෙම භූ කම්පනය කිලෝමීටර් 10ක් ගැඹුරින් සිදු වී තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ කෙසේ වෙතත් මේ වන විට භූ කම්පනයෙන් සිදු වූ හානි පිළිබඳ කිසිදු වාර්තාවක් ලැබී නොමැති බවයි. 

(colombotimes.lk)