08 January 2026

logo

ජූලි චන්ග් ලංකාවෙන් යාමට සැරසෙයි



ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනී ලෙස කටයුතු කරමින් සිටින ජුලි චන්ග් ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට නියමිත බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසනවා. 

ඒ ජනවාරි 16වනදායි. 

එක්සත් ජනපදය නියෝජනය කරන ඉහළම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනිය ලෙස වසර 07කට ආසන්න කීර්තිමත් සේවා කාලය නිමා කරමින් මෙලෙස ශ්‍රී ලංකාවෙන් ඇය පිටත්ව යන බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය සඳහන් කළා. 

ඇයගේ සේවා කාලය තුළ ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර ද්විපාර්ශවික සබඳතා වර්ධනය කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය, ආර්ථික ස්ථායීතාව සහ මානව හිමිකම් සම්බන්ධ කටයුතු පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ බවයි සඳහන් වන්නේ. 

(colombotimes.lk)