24 October 2025

logo

ඉතිහාසය වෙනස් කරමින් ශ්‍රී ලංකාවට රන් පදක්කමක්



බහරේනයේ පැවැත්වෙන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ අද (23) පැවති පිරිමි මීටර 1500 ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාවේ ළහිරු අචින්ත සමත් වී තිබෙනවා.

ඒ එම ඉසව්ව ඔහු විනාඩි 3.57.42ක කාලයකින් නිමා කිරීමත් සමඟයි.

ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලාංකිකයෙක් දිනාගත් පළමු රන් පදක්කම ලෙස මෙය වාර්තා අතරට එක්වනවා.

(colombotimes.lk)