බැකෝ සමන්ට අයත් රුපියල් කෝටි 8කට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී බස් රථ 2ක් සොයා ගැනීමට බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය සමවී තිබෙනවා.
ඉන් එක් බස් රථයක් කටුනායක පිහිටි විදේශිකයන්ට ප්‍රවාහන පහසුකම් සපයන ආයතනයකට ලබාදී තිබෙන බවයි වාර්තා වන්නේ.
එහි වටිනාකම රුපියල් කෝටි 5කට අධික බව බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සඳහන් කළා.
එමෙන්ම රුපියල් කෝටි 2.5ක් පමණ වටිනාකමින් යුත් අනෙක් බස් රථය මොනරාගල - කොළඹ අතර මගී ප්‍රවාහනය සඳහා යොදවා තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙහි එක් බස් රථයක් බැකෝ සමන් අත්අඩංගුවට ගැනීමට සති 02කට පෙර මිලදී ගෙන ඇති බවට අනාවරණය වී තිබෙනවා.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ එම බස් රථ දෙක වෙනත් අයගේ නම් යොදාගෙන මිලදී ගෙන ඇති බවයි.
කෙසේවෙතත් පොලීසිය සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අදාළ බස් රථ තමාට අයත් බවට බැකෝ සමන් පිළිගෙන තිබෙනවා.
(colombotimes.lk)