ඉෂාරා සෙව්වන්දිට ඉන්දියාවට පළා යාමට සහය දුන් 'ආනන්දන්' නැමති සැකකරු සන්තකයේ තිබී නවීන වර්ගයේ පිස්තෝල 02ක් සොයාගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී මෙම ගිනිඅවි සොයාගෙන ඇති බවයි.
එමෙන්ම එම ගිනිඅවි විදේශ රටක නිෂ්පාදිත ඒවා වන බව පොලීසිය වැඩිදුරටත් කියා සිටියා.
ආනන්දන් නැමති සැකකරු මීට පෙරද අවස්ථා කිහිපයකදී සංවිධානාත්මක අපරාධකරුවන් කිහිපදෙනෙක්ට නීති විරෝධීව ඉන්දියාවට මුහුදු මාර්ගයෙන් පළා යාමට සහය ලබාදී තිබෙන බවටද කරුණු අනාවරණය වී තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)