16 July 2025

logo

මෙරට දේශපාලනඥයන් පිරිසක් ඉන්දියාවේ විදේශ කටයුතු ලේකම් හමුවෙයි



මෙරට තරුණ දේශපාලනඥයන් 24දෙනෙක්ගෙන් යුත් කණ්ඩායමක් ඉන්දියාවේ විදේශ කටයුතු ලේකම් වික්‍රම් මිස්රි හමුවී තිබෙනවා. 

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක රන්ධීර් ජයිස්වාල් සිය Twitter ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේ ඒ අදාළ පිරිස සති දෙකක වැඩසටහනක් සඳහා ඉන්දියාවට ගොස් සිටියදී ඔහුව හමුවූ බවයි. 

මෙහිදී ඉන්දු - පාකිස්ථාන අර්බුදයේ බලපෑම සහ නව කලාපීය සහයෝගීතාවයක් නිර්මාණය කිරීමට ඉන්දියාව නායකත්වය ගන්නේ කෙසේ ද යන්න පිළිබඳව ද සාකච්ඡා කර තිබෙනවා.
 
එමෙන්ම ඉන්දීය විදේශ ප්‍රතිපත්තිය අගය කිරීමට ද මෙම පිරිස කටයුතු කර තිබෙනවා.
 
මේ අතර අනාගත කොටස්කරුවන් ලෙස ඉන්දු - ශ්‍රී ලංකා හවුල්කාරිත්වය සම්බන්ධයෙන් වටිනා කාර්යභාරයක් ඉටු කිරීමට ඇති බව ද මෙහිදී විදේශ කටයුතු ලේකම්වරයා අවධාරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)