සීදුවේ සමාජ ශාලාවකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමින් සිටි බව කියන පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් සිදු කළ වැටලීමකදී සැකකරුවන් 06දෙනෙක් සහ පෙට්‍රල් බෝම්බ 06ක් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
එම සැකකරුවන් අතර එම ආයතනයේ කළමනාකරු, ව්‍යාපාරිකයෙක්, ත්‍රිරෝද රථ රියදුරන් තිදෙනෙක් සහ තවත් පුද්ගලයෙක් වන බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිළධාරීන් සඳහන් කළා.
(colombotimes.lk)
