දිට්වා සුළි කුණාටුවත් සමඟ දිවයින පුරා විශාල ප්‍රමාණයේ නායයෑම් 1200කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසනවා.
එහි අධ්‍යක්ෂ ජනරාල් ආසිරි කරුණාවර්ධන සඳහන් කළේ මහනුවර දිස්ත්‍රික්කයේ පමණක් විශාල ප්‍රමාණයේ නායයෑම් 363ක් වාර්තා වී ඇති බවයි.
නේවාසික කටයුතු සීමා කළ නායයාමේ අධි අවදානම් කලාපවල පාංශු ඛාදනය වැළක්වීම සඳහා ඉදිරියේදී බෝග වගා කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)
