27 December 2025

logo

මහජන බැංකුවේ වාර්ෂික නත්තල් කැරොල් උත්සවය සාර්ථක අන්දමින්



මහජන බැංකුවේ ක්‍රිස්තියානි සංසදය පසුගියදා සිය 47වන වාර්ෂික නත්තල් කැරොල් ගායනා උත්සවය පසුගියදා පවත්වා තිබෙනවා.

ඒ කොළඹ 02, මහජන කුළුණේදීයි. 

මෙහිදී කොළඹ, පුත්තලම, කළුතර සහ යාපනය සහ වන්නි ප්‍රදේශවල පිහිටි ශාඛාවන් නියෝජනය කරමින් කාර්ය මණ්ඩලය කැරොල් ගායනා කර තිබෙනවා. 

මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු, ප්‍රධාන විධායක නිලධාරී / සාමාන්‍යාධිකාරී ක්ලයිව් ෆොන්සේකා, ආයතනික හා විධායක කළමනාකාරීත්වයේ සාමාජිකයන්, බැංකු කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සහ මහජන බැංකුවේ විශ්‍රාමික සේවකයන් මෙම අවස්ථාවට සහභාගී වී තිබෙනවා.



(colombotimes.lk)