නත්තල් දිනය වෙනුවෙන් සිරකරුවන් නිදහස් කිරීම ඉදිරියේදී සිදු කිරීමට බලාපොරොත්තු වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඉතිහාසයේ පළමුවරට මෙවර නත්තල් දිනය වෙනුවෙන් සිරකරුවන් නිදහස් කිරීමක් සිදු නොවූ බවයි.
නිදහස් කළ යුතු රැඳවියන්ගේ ලැයිස්තුව විෂය භාර අමාත්‍යාංශය වෙත ලබාදී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.
කෙසේවෙතත් සිරකරුවන් සම්බන්ධයෙන් තවත් වාර්තා කිහිපයක් ඉල්ලා ඇති අතර ඒවා ලබාදීමට මේ වන විට පියවර ගනිමින් සිටින බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ඉදිරියේදී නත්තල් දිනය වෙනුවෙන් බන්ධනාගාර රැඳවියන් නිදහස් කිරීම සිදු කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)
