අංශ කිහිපයක තැපැල් සේවකයන් අතිකාල සේවාවලින් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.
ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති සංගමයේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර සඳහන් කළේ සේවකයන්ගේ අතිකාල සහ වරප්‍රසාද කප්පාදුවට එරෙහිව මෙම පියවර ගෙන ඇති බවයි.
ඒ අනුව තැපැල් ප්‍රවාහන අංශය, නාරාහේන්පිට තැපැල් කාර්මික අංශය සහ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයන් එලෙස අතිකාල සේවාවලින් ඉවත්ව සිටින බවද ඔහු සඳහන් කළා.
(colombotimes.lk)