ලොව පළමුවරට පැවැත්වෙන මානවරූපී රොබෝ ඔලිම්පික් උළෙල චීනයේ බීජිංහීදී ඊයේ (15) ආරම්භ කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම තරගාවලියට චීනය, ඇමරිකාව, ජර්මනිය, බ්‍රසීලය සහ ජපානය ඇතුළු රටවල් 16ක කෘතිම බුද්ධි තාක්ෂණ සහ රොබෝ තාක්ෂණවේදීන් 280ක් සිය රොබෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ සඳහා ඉදිරිපත් කර ඇති බවයි.
තෙදිනක් පුරා පැවැත්වෙන මෙම තරගාවලියේදී රොබෝ තරගකරුවන් මලල ක්‍රීඩා, පාපන්දු, බොක්සිං, සටන් කලා ඇතුළු ඉසව් කිහිපයක් යටතේ තරග වැදීමට නියමිතව තිබෙනවා.
(colombotimes.lk)