17 August 2025

logo

ඉංජිනේරුවරුන්ගේ හිඟය ගැන විදුලිබල මණ්ඩලයෙන් ප්‍රකාශයක්



පසුගිය වසර කිහිපය තුළ ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන්ගෙන් 20%ක් පමණ රට හැරගොස් ඇති බව එම මණ්ඩලය පවසනවා. 

එහි මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න සඳහන් කළේ පසුගිය අවුරුදු 03ක කාලය තුළ ලංකා විදුලිබල මණ්‌ඩලයේ ඉංජිනේරුවරුන් 226දෙනෙක් එලෙස රට හැරගොස් ඇති බවයි.
 
ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ අයර්ලන්තය ඇතුළු රටවල්වල රැකියා අවස්ථා සඳහා ඔවුන් මෙලෙස පිටව ගොස් තිබෙනවා. 

සංඛ්‍යා දත්තවලට අනුව මෙලෙස රට හැරගොස් ඇති සංඛ්‍යාව ලංකා විදුලිබල මණ්‌ඩලයේ සම්පූර්ණ ඉංජිනේරුවරුන්ගෙන් 20%ක් බවයි වාර්තා වන්නේ. 

ඔවුන්ගෙන් 85%ක් විදුලි ඉංජිනේරුවරුන් වන අතර තවත් 8%ක් යාන්ත්‍රික ඉංජිනේරුවරුන් බව එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම 7%ක් සිවිල් ඉංජිනේරුවරුන් ද වන බවයි වාර්තා වන්නේ. 

මේ අතර විදුලිය පරිහරණ සංගමයේ ලේකම් සංජීව ධම්මික සඳහන් කළේ අභ්‍යන්තර ඉංජිනේරුවරුන් සිටියදී නව ඉංජිනේරුවරුන් 60දෙනෙක් බඳවාගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය විසින් කටයුතු කරන බවයි. 

එම බඳවාගැනීමේ පටිපාටිය උල්ලංඝණය වී ඇති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා. 

(colombotimes.lk)