ඇමරිකානු නාවික හමුදාවට අයත් සැන්ටා බාබ්රා යුධ නෞකාව අද (16) උදෑසන කොළඹ වරායට සේන්දු වී තිබෙනවා.
එම නෞකාවේ දිග මීටර් 127.6ක් බවයි වාර්තා වන්නේ.
බාබ්රා යුධ නෞකාව සැපයුම් අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීම සඳහා කොළඹ වරායට සේන්දු වී තිබෙනවා.
එළඹෙන 22වනදා දක්වා මෙම නෞකාව කොළඹ වරායේ නැංගුරම්ලා ඇති අතර එහි නැව් මුළුව දිවයිනේ විවිධ ප්‍රදේශවල සංචාරය කිරීමටද සැලසුම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙම නෞකාව කොළඹ වරායට පැමිණි පළමු අවස්ථාව මෙය බව ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
(colombotimes.lk)