රුසියාවේ මොස්කව් නුවරට ගිනිකොන දෙසින් පිහිටි රියාසාන් කලාපයේ කර්මාන්ත ශාලාවක පිපිරීමක් සිදු වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම පිපිරීමෙන් පුද්ගලයන් 11දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි.
එමෙන්ම තවත් පුද්ගලයන් 130දෙනෙක් පමණ තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
මෙම පිපිරීම හේතුවෙන් එම කර්මාන්ත ශාලාවේ ගොඩනැගිලිවලටද දැඩි ලෙස අලාභ හානි සිදුවී තිබෙන බවයි වාර්තා වන්නේ.
2021 ඔක්තෝබර් මාසයේදී පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 17දෙනෙක් මියගිය අතර ඉන් පසුව සිදු වූ දෙවන මාරාන්තික පිපිරීම මෙය බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)