මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගිංතොට දුම්රිය ස්ථානයේදී දුම්රියක් පීලි පැනීමකට ලක්වී තිබෙනවා.
මරදාන සිට බෙලිඅත්ත දක්වා ධාවනය වන අංක 8056A ගාලු කුමාරී සීඝ්‍රගාමී දුම්රිය මෙලෙස පීලි පැනීමකට ලක්වී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ ගමනාගමන කටයුතු මේ වන විට අම්බලන්ගොඩ දුම්රිය ස්ථානය දක්වා පමණක් සීමා කිරීමට කටයුතු කර තිබෙනවා.
දුම්රිය පීලි පැනීම හේතුවෙන් දුම්රිය මාර්ගයට ද විශාල වශයෙන් හානි සිදුවී තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)